අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට,රිදියගම සෆාරි උද්‍යානය වැඩිදියුණු කිරීමට පියවර

    සැප්තැම්බර් 22, 2020

    හම්බන්තොට , රිදියගම සෆාරි උද්‍යානය තවදුරටත් වැඩිදියුණු කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජය මෙම උද්‍යානය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ බවත් මේ හේතුව නිසා අපේක්ෂිත අදායම ලඟා කර ගත නොහැකි වූ බවත් පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී මෙම උද්‍යානය සම්බන්ධයෙන් ඉලක්ක ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

     

    ඒ සඳහා රජය රුපියල් මිලියන පහළොවක පමණ මුදලක් වෙන්කර ඇති බවත් උද්‍යානයෙහි සිටින සතුන් සඳහා ප්‍රතිකාර කිරීමට , ආරෝග්‍යශාලා පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya