මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තය හා සම්බන්ධ ජාතික ධීවර ප්‍රතිපත්තියක්- අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    සැප්තැම්බර් 22, 2020

    ධීවර කර්මාන්තය හා සම්බන්ධ ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අදාළ පාර්ශව සමග සාකච්ඡා කර මෙම ධීවර ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ අනුව ධීවර ගැටළු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    උතුරු පළාතට අයත් මන්නාරම, කිලිනොච්චිය , මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ජීවත්වන 45,000ක් පමණ දෙනා මෙම වෘත්තියේ නියැලෙන බවත් එමගින් පවුල් ලක්ෂ 2ක් පමණ යැපෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙම ප්‍රදේශ වල මුහුදු යන ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රාවලට ඉන්දියානු යාත්‍රා නිසා තම ජීවිකාව කරගෙන යාමේ ගැටළු පැන නැගී ඇති බවත් එහෙත් ඉදිරියේදී මෙම නීතිවිරෝධී ඉන්දියානු ධීවර යාත්‍රා  මඟින් සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්න බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya