ඔක්තෝබර් 20, 2020
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ජලසම්පාදන ඇමැති හමුවෙයි

    සැප්තැම්බර් 22, 2020

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (21) හමුවිය.

    එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හේනා සිගර් මහත්මිය,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් ජූකම් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධනයේ දේශගුණික හා පාරිසරික වැඩසටහන් කණ්ඩායම් නායක(සංවර්ධන) බුද්ධික හපුආරච්චි මහතා සහභාගී විය.

    එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ අඳහස් පල කළේ ය.

    අද දින මා හමුවීමට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් සමග සාකච්ඡ කිරිමට යෙදුනේ අමාත්‍යාංශයේ කටයුතු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණුත් අතර ඇති සම්බන්ධයතාවය පිළිබදවයි. විශේෂයෙන් තිරසාර සංවර්ධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන්නා වූ ඉලක්ක සහ අරමුණු ජය ගැනීමේදී ලෝකය පුරා විහිදෙමින් ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළේ, ශ්‍රී ලංකාව ඉතා හොඳ
    තැනක සිටියත් , ලංකාවටත් යායුතු බොහෝ දුරක් තියෙනවා. අපේ රටේ වැසිකිලි නැති ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ජනතාව වෙනත් රටවල ජනතාව වගේ විවෘතව මලපහ කිරීමට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අයට වැසිකිලි උවමනයි . නමුත් ඒ අයට වැසිකිලි හදාගන්න වත්කමක් නෑ. විශේෂයෙන් වතු කරයේ හා ගම්බද පළාත් වල, එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පන්සියයක් පමණ පිරිසකට තාවකාලිකව හෝ කිසිසේත්ම වැසිකිලි නොමැතිබවට වාර්ථා වෙනවා. මේ තත්වය අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්. මොකද ඒ අය තමන්ගෙ මලපහ කිරීම් නිසි සනීපාරක්ෂාව ඇතුව නොකළහොත් ,ඒවා ජලයට මුසු වීමෙන් ගංගා ඇල දොළ සහ ජලාශ අපවිත්‍ර වනවා. ඒය අපිට විශාල බලපෑමක් . ඔවුන්ට වැසිකිළි නොමැති වීම හුදෙක් ඔවුන්ගේ ගැටලුවක් පමණක් නෙමෙයි. රටේ සමස්ත ජනතාවටම මුණ දිමට සිදුවන අනතුරු දායක තත්වයක් . එයයි මට අවධාරණය කළ යුත්තේ.


    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික අරමුදල හුදෙක්ම දේශගුණයේ ඇතිවන වෙනස්කම් උඩ රටවල් වලට මුහුණ පෑමට සිදුවන අභියෝග වලට උපකාර වීම වගේම, මෙවැනි මූලික දේවල් පිළිබඳවත්
    සැබවින්ම උනන්දුවක් තිබිය යුතුයි .විශේෂයෙන්ම විශාල සංඛ්‍යාවකට වැසිකිළි නොමැතිව මොන තිරසාර සංවර්ධනයක්ද. ජලය නැවත පොළොවට යවන තැන් සහ පොළොවට යැවීමේ ක්‍රමඅපි දියුණු කල යුතුයි.අපි ජලය රකින මීගස් ,කුඹුක් ගස් මොර ගස් සිටවිය යුතුයි. දැනට මේ ගස් කැපීමේ කිසිම තහනමක් නෑ. මී ගස් කැපීම තහනම් කරන්නට උනේ බ්‍රිතාන්‍යයින් මේ රටේ කැරැල්ල මැඩ පැවැත් වූ වේලාවේ. 1818 අපේ මීගස් විශාල ප්‍රමානයක් කපාදැම්මා .කපා දැමීමට අමතරව මී ගස් කැපීමේ තහනම ඉවත් කළා. අපේ රටේ රජ කාල් ඉදන් නීතියක් තිබුනා මී ගස් කපන්න බෑ කියලා.

    මී ගස් කැපීමේ තහනම බ්‍රිතාන්‍ය පාලකයෝ ඉවත් කෙරේ කැරැල්ල වෙලාවේ හෝ කැරැල්ලෙන් පසුව. නමුත් තාමත් ඒ මී ගස් කැපීම සම්බන්ධ තහනම ඒ විදියටම තියෙනවා.ඒ නිසා ඉක්මනින්ම මී ගස් කැපීම තහනම් කිරීමේ නීතිය අපට අවශ්‍යයි.
    ජලය අපි ආරක්ෂා කරන්නත්, ජනනය කරන්නත් ඕනේ. මේ දෙකම නැතුව ජලය සැපයීම ගැන විතරක් කතා කරන්න හැකියාවක් නෑ.අපේ රක්ෂිත අපි දිවි හිමියෙන් රැකගත යුත්යි . ඇතමුන් ඇළ දොළ අද්දරට වෙනකම් වගා කරලා තියෙනවා . ඒ වගාවන් තියෙද්දී රක්ෂිතයේ ගස් සිටුවන්න ඕනේ. ඒ වගාවන් තිබුනාවේ, ඒවායේ ඵලදාව ඒගොල්ලො ගත්තාවේ නමුත් ක්‍රමානුකූලව සිටුවපු ගස් වැවෙන කොට ඒ අයගේ වගාවන් ඉවත් කරගන්න වෙනවා. හැම රක්ෂිතයක්ම අපට නැවතත් අත්පත් කරගැනීමට යුද්ධයක් කරන්න වෙයි. යුද්ධයක් කිව්වට අවිවලින් යුද්ධයක් නෙවෙයි, මතවාදී යුද්ධයක් හා ජනතාවගේ ක්‍රියාත්මක වීමේ යුද්ධයක්  කෙසේ වෙතත් වගාවන් තියෙද්දිම අපි රක්ෂිතවල ගස් සිටුවීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරනවා යැයි කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya