අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

    සැප්තැම්බර් 21, 2020

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ පිළිබදව පවතින ගැටළු පිළිබදව අවධානය යොමු කළේය.


    පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාව සදහා එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya