අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ලොවට ගැළපෙන මෝස්තර නිර්මාණ සිසුන් බතික් හා පේෂ කර්මාන්තයට

    සැප්තැම්බර් 20, 2020

    නවීන ලෝකයට ගැළපෙන අයුරින් බතික් හා පේෂකර්ම ඇඟලුම් සඳහා නව මෝස්තර නිර්මාණ කිරිම සඳහා ලංකාවේ ප්‍රධානපෙ⁣ළේ මෝස්තර නිර්මාණ ආයතනවලින් පිටවන ⁣සිසුන් පේෂකර්මාන්ත හා බතික් කර්මාන්ත මධ්‍යස්ථානවල සේවයට බඳවාගෙන නව නිර්මාණ එළි දැක්වීමට කටයුතු කරන බව දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉකුත්(19) දින පන්නල ජනසලු මධ්‍ය්සථානය නිරික්ෂණය කර එහි සේවකයින් අමතමින් සඳහන් කළේය.

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, මේ වන විට විදේශ රටවල ජීවත්වන ශ්‍රි ලංකිකයන්ගෙන් මෙම ක්ෂේත්‍රයට විශාල ඉල්ලුමක් ඇති බව සඳහන් කළේය.

    එසේම ග්‍රාමීය කාන්තාවට ශක්තිමත් ආර්ථිකයක් ලබා ගැනීමටත්,මෙය හොඳ අවස්ථාවක් බව කීය. තවද ,ගෘහ කරුමාන්තයක් ලෙසින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ (මැෂින්)ලබා දීමටද ක⁣ටයුතු කරන බව ඇමතිවරයා කීය. එසේම ලංකාවේ ම රෙදි නිපදවා ගැනීමේ වැඩපිළිවෙලක් කෙසේ හෝ ආරම්භ කරන බව ද ඇමතිවරයා වැඩදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya