අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 47ක් නිරෝධායනය අවසන් කරයි- PCR පරික්‍ෂණ 266,057 ක්

    සැප්තැම්බර් 20, 2020

    පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර තිබෙන අතර අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අය නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇතැයි කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    අද (20) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පනස් එක්දෙනෙකු (51), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු (78) සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    අද (20) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුණ බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් හය දෙනෙකු (06), හොටෙල් පැරඩයිස් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙකු (02), හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දහසය දෙනෙකු (16), හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සහ දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) වශයෙන් වේ.

    එසේම, අද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
    එසේම, අද (20) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 5,922 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (19) දිනය තුලදී PCR පරික්‍ෂණ 1773 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 266,057 ප්‍රමාණයක් සිදුකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya