ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    දිවයින හරහා සුළගේ වේගයේ වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    සැප්තැම්බර් 18, 2020

    දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දින දක්වා අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

    දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි යැයි ද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya