අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරින් 27 දෙනෙකුට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට -රට ගොඩනැගීමේ වගකිමක් රාජ්‍ය සේවය වෙත පැවරී ඇත- අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්

    සැප්තැම්බර් 18, 2020

    රට ඉල්ලූ නව ගමනක් හා නව දැක්මක් අද වන විට රටට ලැබී අති බවත් ඒ මත පදනම්ව රට ගොඩනැගීමේ වගකිමක් රාජ්‍ය සේවය වෙත පැවරී ඇති බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ, (17දා) ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට අලුතින් බඳවා ගන්නා ලද නිලධාරින් 27 දෙනෙකුට පත්වීම් ලිපි බෙදා දීමේ උත්සව අවස්තාවට එක්වෙමිනි.

    විවෘත තරඟ විභාග ක්‍රමය යටතේ තෝරාගත් අය අතරින් සම්මුඛ සාකච්ඡා ක්‍රමවේදය මගින් මෙම පත්වීම් සඳහා සුදුස්සන් තොරා ගෙන ඇත.මේ පත්වීම් ලද නවක නිලධාරීන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ රාජ්‍ය සේවය කියල කියන්නේ ගෞරවණීය තැනක්.මේ සේවාවේ ගෞරවය රකිනවාද විනාශ කරනවාද කියන කාරණය රඳා පවතින්නේ රාජ්‍ය සේවයට එක්වන හා එහි සිටින නිලධාරීන් අතේ.රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ විශාල කාර්යභාරයක් ඉටු කරන තැනක්.කොහොම වුනත් මේ ආයතනය තුළ තියෙන ප්‍රමාදය ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරල තියෙනවා.මම රාජ්‍ය සේවා අමාත්‍යවරයා විදියට අද සතුටු වෙනවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් වන මානව සම්පතේ හිඟය පියවීමට මේ විදියට නවක නිලධාරීන් පිරිසක් ලබා දීමට හැකිවීම.ජනාධිපතිතුමන් අද මේ රටට නව යුගයක් යහපත් හෙටක් නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කරල තියෙනව.එහි ප්‍රධාන අභියෝගය විදියට එතුම හඳුනා ගත්තේ මේ රට පුරා ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර හා පාතල ක්‍රියා කාරීත්වය.මේ දෙකම තුරන් කිරීමේ සටන දැන් අපි රජයක් විදියට ආරම්භ කරල තියෙනවා.මේ කටයුත්තේදී රාජ්‍ය සේවයට විශේෂයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටඅලුතින් එක්වන ඔබට විශාල දායකත්වයක් දිය හැකි.ඒ මේ පමාව කඩිනමින් අවසන් කරල වඩා සාධාරණ , අපක්ෂපාතී සේවාවක් රට වෙනුවෙන් ඉටුකරල.මම විශ්වාස කරනව ඒ කටයුත්ත තරුණ ඔබ මහත් උවමනාවෙන් ඉටු කරයි කියල.ඒ කටයුත්තේදී රාජකාරීමය මට්ටමින් ඔබට සිදුවන ඕනෑම අසාධාරණයකදී ඔබ වෙනුවෙන් පෙනී හිටින්න අමාත්‍යවරයා විදියට මම සූදානම් ”

    මෙම අවස්තාවට එක්වු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කලේ රටේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වාගෙන යාමට මෙම දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරෙණ බවයි. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා “මම මීට පෙර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විදියට සිටිය නිසා දන්නව, අද නඩු 4000 වැඩි ප්‍රමානයක් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා අතර මග ඇනහිටල තියෙනවා.මේ පමාව තුල 6000 පමන පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත වෙල ඉන්නවා.අපේ රටේ බන්ධනාගාර 31 තිබෙනවා.මේ ස්ථාන වල තබා ගන්න පුළුවන් සිරකරුවන් ගණන 12000 වගේ ප්‍රමානයක් .නමුත් 26000 විතර පිරිසක් මේව තුල ඉන්නවා.මෙහෙම පිරිස් අධි ධාරිතාවක් දක්වා වැඩිවෙන්න මූලික හේතුවක් විදියට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් විය යුතු පරීක්ෂණ කලට වෙලාවට සිදු නොවීම මූලික ලෙස බලපාල තියෙනවා.මේ වන විට රජයේ මූලික කාර්යභාරයක් වෙලා තියෙන්නේ මත් උවදුරින් රට මුදවා ගැනීම.අපි දන්නවා අද තොග පිටින් මත්ද්‍රව්‍ය දිවයිනේ සෑම තැනකින්ම හසුවෙනවා.මේ හම්බවෙන මත්දුව්‍ය නිසි පරීක්ෂාවකට ලක්කරල විමර්ශන වාර්තා ලබා ගන්නේ මේ දෙපාර්තමේන්තුවෙන්.නමුත් කියන්න කනගාටුයි මේ උවදුර තුරන් කිරීමේ කටයුත්තේ විශාල වගකීමක් තියන පොලීස් දෙපාර්තමේන්තුවේ ඇතැමි අයත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරිනුත් මත් උවදුර තුරන් කරනවා වෙනුවට එය ව්‍යාප්ත කරන්න උදව් දීල අද නීතියේ රැහැනට හසුවෙල ඉන්නවා.මම ඔබෙන් ඉල්ලන්නෙ තමන්ගේ වගකීම හරියට හඳුන ගන්න. මුදල් හොයන්න කෙටි ක්‍රම සොයන්න උත්සාහ කරනවා වෙනුවට තමන් ලද පත්වීමේ වගකීම නිසි ලෙස හඳුනාගෙන අපක්ෂපාතීව, සාධාරණව තමන්ගේ නිර්දේශ අවශ්‍ය තැන්වලට ඉදිරිපත් කරන්න” යැයිද පැවසීය.

    මෙම අවස්තාවට අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන් වන ප්‍රදීපා සේරසිංහ, ඒ.මුතුමාල, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්.ආලෝකබණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, විද්‍යාත්මක සේවා අංශයේ අධ්‍යක්ෂ නයනමාලී රණසිංහ යන මහත්ම ,මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya