මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 - පාසල් ක්‍රීඩා සහ ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමට අදාළව විශේෂ උපදෙස්

    සැප්තැම්බර් 18, 2020

    අධ්‍යාපන අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව ගනු ලැබූ තීරණයක් අනුව, කොව්ඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණු පෙරදැරිව පාසල් ක්‍රිඩා හා ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමට අදාළ ව විශේෂ උපදෙස් මාලාවක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම පිණිස මේ වනවිටත් සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් හා සියලු ක්‍රීඩා සංගම් ප්‍රධානීන් දැනුවත් කර ඇත. ඒ අනුව මෙරට පාසල් ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකයින් ඔවුන් සම්බන්ධ වන ක්‍රීඩා තරඟ අනුව, කොවිඩ් හේතුවෙන් මතුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණයට ලක්කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිවිධානවලට යටත් ව අදාළ ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

    ක්‍රීඩා කටයුතුවල දී අත් සේදීම, ශ්වසන ආචාර විධි පවත්වා ගැනීම, දුරස්ථභාවය පවත්වාගැනීම ආදී කොවිඩ් වැළැක්වීම සම්බන්ධයෙන් මූලික උපදෙස් ද ඇතුළුව ක්‍රීඩාපිටිවලට ඇතුළුවීම ක්‍රීඩකයින් කාර්ය මණ්ඩල හා නරඹන්නන්, විනෝදාස්වාදය සපයන්නන්/ දිරිගන්වන්නන් සඳහා ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් පවත්වාගෙන යාමටත්, ක්‍රීඩා පරිශ්‍රයන් තුළ ආහාර අලෙවිය, හා අලෙවිකරණ කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් නිසි පරිදි පවත්වාගෙන යාම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති විශේෂ උපදෙස් හා මඟපෙන්වීම් මෙම උපදෙස් මාලාවෙහි ඇතුළත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya