අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කෙරවලපිටියේ මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු විදුලි බලාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    සැප්තැම්බර් 17, 2020

    ඉදිරියේදී රට තුළ ඇති විය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටියෙහි මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඉදිරියේදී රට තුළ ඇති විය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටියෙහි මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, එම විදුලි බලාගාරය ස්වාධීන බලශක්ති ව්‍යාපෘතියක් ලෙස පොද්ගලික ආයෝජන මඟින් buil own operate Transfer (BOOT) ව්‍යාපාරික ක්‍රමවේදය යටතේ ඉදි කර ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවයත් හඳුනාගෙන ඇත.

    ඒ අනුව වසර 03ක කාලසීමාවක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රියාවලිය අනුගමනය කරමින් සුදුසු ආයෝජකයෙකු හඳුනාගැනීම පිණිස අවශය පියවර ගැනීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya