මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැළණිවැලි දුම්රිය මාර්ගයට ලබන මස සිට තවත් දුම්රියක් ලබා දීමට පියවර ගන්නවා - ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ

    සැප්තැම්බර් 17, 2020

     මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙර පුහුණුවක් ලෙස ක්‍රියාත්මක වන අතර ඉන් මතුවන ගැටළු සළකා බලමින් ඒවාට විසදුම් ලබා දීමට කටයුතු කරන බවත්, සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සහ බොරැල්ල-
    ඩි.එස් සේනානායක මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිතව විකල්ප මාර්ගයක් නොමැතිවීම යන කරුණු නිසා තදබදය වැඩි ව පවතින බවත්, වාහන ප්‍රවාහනය වැඩි වීම මත දුම්රිය ජනප්‍රිය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සළකා බැලීමට තීරණය කොට ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටී.

    මේ දිනවල මංතීරු නීතිය ක්‍රියාත්මක වීමේ දී කොළඹ දිස්ත්‍රික්කය තුළ දැඩි තදබදයක් සිදු වන බව දක්නට ලැබෙන හෙයින් පවතින තත්ත්වය මත එය විසදා ගැනීමට හැකි වේ ද යන්න (16 ) පැවති හඳුනානොගත් වාහන අනතුරු වලට ලක් වූ වින්දිතයින් සඳහා රුපියල් ලක්ෂ 40 ක මුල්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ දී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව, කැළණිවැලි දුම්රිය මාර්ගයට ලබන මස සිට තවත් දුම්රියක් ලබා දීමට පියවර ගන්නා බවත්, එමඟින් කාර්යාලවලට එන තවත් බොහෝ පිරිසක් දුම්රියේ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය. එමෙන්ම Park and Drive නමින්තවත් විශේෂ වැඩපිළිවෙලක් ඇති කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුකොට ඇතැයි කියා සිටී අමාත්‍යවරයා කොළඹ නගරයේ පවතින තදබදය අඩු කිරීමට රජය විසින් කළ යුතු වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවත් වැඩි දුරටත් සදහන් කර සිටියේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya