අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා-අමාත්‍ය විමල්වීරවංශ

    සැප්තැම්බර් 16, 2020

    සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින්,දේශිය වෙළඳපළ පමණක් නොව විදේශීය වෙළඳපළට ගෙන යාමේ  වැඩපිළිවෙළක් මේ වන විට දියත් වී ඇති බවත් ,දේශිය කර්මාන්ත ශිල්පින්ගේ අඳුරු යුගය නිමා වී පැහැබර අනාගතයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට රාජ්‍ය අමාත්‍ය ඇතුළු සියලු දොනට ම හැකියාව ඇති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා අද (16) දියත උයනේ පැවැති විශේෂ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාව අමතමින් කීය.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

     

    ජාතික ශිල්ප සභාවේ මැදිහත්විම මඟින් අත්කම් නිර්මාණය කරන ශිල්පින්ට තමන්ගේ නිෂ්පාදන ඝෘජුවම අලෙවි කර ගැනීමේ අවස්ථාව මෙම "ශිල්ප Thursday ''මඟින් නිශ්චිත වෙළදපොළක්  නිර්මාණය කර දෙන්නට හැකියි.

    එමඟින් අපේ දේශීය නිෂ්පාදකයාට පුසගිය කාලයේ තිබු නොසැලකීල්ලට භාජනය වි තිබු මෙම ක්ෂේත්‍රය දැඩි අවධානයට ලක් කොට ඔවන්ගේ ගැටළු විසදාදෙමින් වෙළදපොළ නිර්මාණය කර  මේ රටේ දේශීය කර්මාන්තයේ වැදගත් කොටසක් මෙමගින් ආවරණය වෙනවා.

    ස්වදේශිය කර්මාන්ත සෑම එකක් ම බිඳ වැටෙන අයුරින් පසුගිය ආණ්ඩුව කාලේ දේශීය ශිල්පින් පමණක් නොව දේශිය කර්මනේත සෑම එකක්ම පාහේ ඉතාම අඩු අවධානයක් හා සැලකිල්ලක්  දක්වා තිබුණා.

    නමුත් සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ස්දේශිකත්වය මත පදනම්ව ස්වදේශික ජනයා බල ගැන්විමේ ප්‍රපත්තිය නිසා ග්‍රාමීය කර්මාන්ත,අත්කම් නිර්මාණවලට ඉහළ  පිළිගැනීමක් ලැබි තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya