අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන කුළුබඩු භෝග සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරනවා- රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

    සැප්තැම්බර් 16, 2020

    මෙරට අපනයන කුළුබඩු භෝග සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, මෙරට කුළුබඩු සඳහා ලෝකයේ නව වෙළඳපොළක් නිර්මාණය කිරිමටත් කටයුතු කරන බවත් කුඩා වැවිලි බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි.

    රජයේ නිල වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට තේ සඳහා මිළ සූත්‍රයක් පවතින බවත්, ඉදිරියේදී ඒ ආකාරයටම කුළු බඩු භෝග මිළ සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත්, එමඟින් කුළුබඩු භෝග ගොවියාට සාධාරණයක් කිරීම තම අරමුණ බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    කඩිනමින් නව සීනි කර්මාන්ත ශාලා දෙකක් ඉදි කිරීමට කටයුතු කරන බවද ඉන් මෙරට සීනි හා උක් ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවත්, ජානක වක්කුඹුර මහතා පැවසීය.

    එමෙන්ම මෙරට සුළු අපනයන භෝග ගම්මාන ස්ථාපිත කරමින් සුළු අපනයන භෝග වැවීමට ජනතාව දිරිමත් කිරීමට කටයුතු යොදා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya