අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩසටහනක්

    සැප්තැම්බර් 15, 2020

    රබර් ආශ්‍රිතව කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ශ්‍රී ලංකා රබර් ලේකම් කාර්යාලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා මධ්‍යස්ථානය එක්ව රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩසටහනක් සංවිධානය කර ඇත.

    සැප්තැම්බර් මස 22 වැනි දින පෙරවරු 08. 30 සිට පස්වරු 04.00 දක්වා ලුණුවිල, බණ්ඩිරිප්පුවවත්ත, පොල් වගා කිරීමේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම වැඩසටහනේදී වාහන අමතර කොටස්, රබර් සීල්, රබර් බිම් ඇතිරිලි, රබර් මිශ්‍රිත මල් පෝච්චි, මෙට්‍රස්, ඇසුරුම් ද්‍රව්‍ය හා ලේටෙක්ස් යනාදිය සම්බන්ධයෙන් දැනුම ලබාදීමට නියමිතය.

    මෙම වැඩසටහනට දැනට එම කර්මාන්තයට සම්බන්ධ අයවලුන්ට මෙන්ම අලුතින් කාර්මාන්ත ආරම්භ කරන අයටද සම්බන්ධ විය හැකි අතර මෙහිදී සම්බන්ධවන පුහුණු සම්පත් දායකයන් විසින් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.

    මෙහි ලියාපදිංචි ගාස්තුව රු. 1000ක් වන අතර ලියාපදිංචිවීම සඳහා ලංකා බැංකුවේ ගිණුම් අංක ‘7491255’ට මුදල් බැරකිරීමෙන් හෝ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හලාවත දිස්ත්‍රික් ශාඛාවට පැමිණ මුදල් ගෙවීමෙන් ලියාපදිංචි විය හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya