මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විශිෂ්ට තීරණයක් - කාබනික පොහොර භාවිතය 1% සිට 30% දක්වා වසර 03ක් ඇතුළත ඉහළ දැමීමට පියවර

    සැප්තැම්බර් 15, 2020

    රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසදුමක් ලබා දීමේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමට උදෙසා දේශීය ගොවියා කාබනික පොහොර භාවිතයට යොමු කිරීම පිලිබඳ කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

    මෙහිදී කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ නිරෝගීභාවය වෙනුවෙන් විශිෂ්ට තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් විය.

    විශේෂයෙන් වසවිස නැති ආහාර රටාවක් තුළින් නිරෝගී සම්පන්න පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර අමාත්‍යවරයා, කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කළ යුතු බව අවධාරණය කළේය.

    රසායනික පොහොර අවභාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ගැටළු අවම කිරීම මෙන්ම, රජයේ පොහොර සමාගම්වල කාබනික
    පොහොර නිෂ්පාදනය ඉහළ දැමීම, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්ෂණය සහ තාක්ෂණික උපදෙස් ලබා දීම, පෞද්ගලික සමාගම් සඳහා අවශ්‍ය බදු සහන ලබාදීම, නවීන තාක්ෂණික උපකරණ ලබා දීම, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම, කාබනික පොහොර නිෂ්පාදනය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත් වීමෙන් සැපයීම, කාබනික පොහොර බෙදාහැරීමේ නිසි යාන්ත්‍රණයක් රාජ්‍ය මැදිහත් වීමෙන් සැකසීම පියවර රැසක් ගැනීමට මෙහිදී අවධානය යොමු විය.

    එමෙන්ම, රජයේ පොහොර සහනාධාර යටතේ කාබනික පොහොර භාවිත කරන ගොවියාගේ සහනාධාරය ඉහළ දමා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

    ඒ අනුව 2021 ජනවාරි මස සිට ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය ඔස්සේ වසර 03 කදී දේශීය කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළ නැංවීම සිදුවනු ඇත.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම් , රාජ්‍ය ලේකම්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සහභාගී විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya