අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනය සඳහා ග්‍රාමීය සංවර්ධනය අත්‍යවශ්‍ය අංගයක්- අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්

    සැප්තැම්බර් 15, 2020

    රටේ සංවර්ධනය සඳහා ග්‍රාමීය සංවර්ධනය අත්‍යවශ්‍ය අංගයක් බවත්, ගම තුළ සංවරධන කටයුතු නිසි පරිදි සිදුකළහොත් පමණක් රට සංවර්ධනය කළ හැකි බවත්, රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.


    ඒ මහතා මේ බව සඳහන් කළේ, පසුගියදා දඹුල්ල ආසනයේ පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී ය.

    පූර්ව රජයන් රටේ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් අවම සැළකිල්ලක් දැක්වූ බවත්, මැතිවරණ පරාජයන් උදෙසා පවා මෙය බලපෑ බවත්, එසේ වුවද වත්මන් රජය ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    “ජනාධිපතිතුමා පහුගිය කාලේ පුරා රටපුරා ගමන් කරමින් සොයා බැලුවේ මේ ජනතාවගෙ අවශ්‍යතාවයන් මොනවද කියන දෙය.මේ ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදි පළාත් පාලන නියෝජිතයින්ට පැවරෙන වගකීම අතිවිශාලයි” යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya