අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායල රජය සහ ශ්‍රි ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    සැප්තැම්බර් 15, 2020

    ඊශ්‍රායල රජය සහ ශ්‍රි ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ඊශ්‍රාලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂීකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රි ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයන් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

    එහිදි තවදුරටත් තොරතුරු අනාවරණය කරමින් කරණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයන් යැවිමට අවස්ථාවක් නොමැති බවය.එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයන් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි පැවසීය.මේ පිළිබඳ ජනමාධ්‍ය ද අවධානයෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

    එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරින. විදේස් රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් විවිධ සේවා සඳහා යැයි පවසමින් ඒජන්සි කරුවන් මුදල් අය කරන බවත්,නමුත් එසේ මුදල් අය කළ හැක්කේ වෛද්‍ය පරීක්ෂණ වැනි සත්‍ය වශයෙන් මුදල් අය වන කටයුතු සඳහා පමණක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

    ඒ අනුව එසේ මුදල් අය කරන්නේ නම මින් ඉදිරියට ඒ ඒ සේවා අවශ්‍යතා පෙන්වා ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඊට අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා මෙහිදි පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ආරුමනිහම් මහතා ද කාර්යාංශයේ නිලධාරීහුද එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya