අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය තමා පෞද්ගලිකව සෑම දිස්ත්‍රික්කයකටම ගොස් සොයා බලනවා- ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    සැප්තැම්බර් 15, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි ආරම්භ කරන ලද කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවරධන ව්‍යපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සදහා තමා පෞද්ගලිකවම ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම නිරීක්ෂණය කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍ය වරයා මේ අදහස් පලකළේ, මහාමාර්ග අමාත්‍යශයේ පැවති රැස්වීමකට එක් වෙමිනි.

    දිවයිනේ මහාමාර්ග කිලෝමීටර් ලක්ෂයක් අමාත්‍යවරයා ලෙස තම ධුූරකාලය අවස්වීමට ප්‍රථම උසස් ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය මගින් කාපට් අතුරා සංවර්ධනය කිරීමට මේවන විට හදුනාගත් ග්‍රාමීය මාර්ගවල ඇති අබලන් බෝක්කු, පාලම් , කාණු පද්ධතීන් ,මාර්ග සංඥා පුවරු යනාදිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

    කැඩීබිදී අබලන්ව වල්වැදී තිඛෙන අතිදූෂ්කර ග්‍රාමීය මාර්ග වැඩි දියුණුකර ගම හා නගරය යා කිරීම කිලෝමීටර ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව පැවසූ අමාත්‍යවරයා එම මාර්ග ආශ්‍රිතව ජීවත් වන ජනතාව මුණ ගැසී ඔවුන් සමග සාකච්ඡා කර කඩිනමින් මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සදහා තමන් කටයුතු කරන බව පැවසීය.

    මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කි්‍රයාත්මක මෙම කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ විශාල මුදලක් වැය කරමින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මාර්ග පද්ධතියෙන් බැහැර  සියලූ පලාත් සභා , නගර සභා , ප්‍රාදේශීය සභා යන පලාත් පාලන ආයතන වලට අයත් මාර්ග ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයට අනුව සංවර්ධන කිරීම තුලින් ග්‍රාමීය ජනතාවට සෘජුවම ආර්ථීක ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකියාවක් පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya