අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ අඩු ආදායම් ලාභී පවුල් වල ක්‍රීඩා දක්ෂයින්ට මාසිකව පෝෂණ දීමනාවක්...

    සැප්තැම්බර් 15, 2020

    මධ්‍යම පළාතේ අඩු ආදායම් ලාභී පවුල් වල ක්‍රීඩා කෞෂල්‍යයන්ගෙන් පිරිපුන් දරුවන් සදහා මාසිකව රු.5000 ක මුදලක් අවුරුදු 02ක් සදහා ගෙවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව පසුගිය කාලය තුලදී මධ්‍යම පළාතට ක්‍රීඩා ක්ෂේත්‍රයන්ගෙන් කීර්තියක් අත්පත් කර දීම සදහා කටයුතු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 ‍ක් සදහා අදාළ පෝෂණ දීමනා ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් (14) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

    මෙහිදී අදහස් දක්වමින් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති මහතා ප්‍රකාශ කර සිටියේ වර්තමාන ආණ්ඩුකාරවරයාගේ සහයෝගය මත ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් සාර්ථක අයුරින් ඉටු කිරීමට හැකියාව ලැබී ඇති බවයි. එමෙන්ම 2017 වසරේදී රුපියල් 5000ක් වෙන් වු ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ඇතැම් විශයන් සදහා මේ වසර වන විට රුපියල් මිලියන 14.5 ක මුදලක් වෙන් වී ඇති බවයි. මෙම අවස්ථාවේදී පිරිස අමතමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩාව සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු කර ඇති බවත්, රැකියා දශ ලක්ෂය වැනි වැඩසටහන් ඔ‍ස්සේ අඩු ආදායම් ලාභී පවුල් වලට රැකියා අවස්ථා ලබාදීම මගින් එම පවුල්වල ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන්ගේ හෙට දවස වර්තමාන තත්වයට වඩා සුභදායි වනු ඇති බවයි.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිදිගොඩ, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් ද එක් විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya