අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

    සැප්තැම්බර් 13, 2020

    පැහැදිලි රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව පවසයි

    මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවට සහතික වේ


    රාජ්‍ය පරිපාලනය, ක්‍රමසම්පාදන සේවය, ගිණුම්කරණ සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගාරය, රේගුව ආදී පද්ධතියන්ගේ දූෂණය තුරන් කරමින් සුවිශේෂී රාජ්‍ය යාන්ත්‍රණ පද්ධතියක් බවට ඒකාබද්ධ කළ යුතු බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න (11) දින පැවසීය.

    පිරිසිදු රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම පිළිබඳව අවධාරණය කරමින් ඔහු පවසා සිටියේ ජනතාවගේ අපේක්‍ෂාවන් කාර්යක්‍ෂමව හා ඉතා කඩිනමින් සාක්‍ෂාත් කිරීමට කටයුතු කල යුතු බවයි.

    වර්තමාන රාජකාරි වලට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔහු පත් කිරීම පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ මෙම නව පත්කිරීම ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් සැපයීම සඳහා රජයේ යාන්ත්‍රණය ඒකාබද්ධ කිරීම සඳහා වන බවයි.

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අමතමින් ඔහු කියා සිටියේ සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින නිසා මහනුවර අතහැර දමා ඇති බෝගම්බර බන්ධනාගාරය වෙත ගොස් එය අලුත්වැඩියා කර නැවත පාවිච්චියට ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අපේක්‍ෂා කරන බවයි.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියට අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතු කොට ගෙන සිර ගෙවල්වල සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති බව ඔහු පැවසීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදැල්ලේ සිටින අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පමණක් අත්අඩංගුවට ගන්නා බවට වැරදි ලෙස අර්ථ කථනය නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් ඇතුලු සියලුම දෙනාට එරෙහිව අදාළ බලධාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

    මෑතකදී දඹුල්ල ප්‍රදේශයේ සිදුකල එක් සංචාරයක් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ එදින රාත්‍රියේ ඔහු නවාතැන් ගෙන සිටි ආසන්නතම හමුදා කඳවුරට ඉතා පිටිසර ගම්මානයක ගම්වැසියන් විසින් මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා එම ගම්මානය වෙත තමාගේ අවධානය යොමු කරන ලෙස පවසා ලිපි 10 කට වැඩි ප්‍රමාණයක් භාර දී ඇති බවයි.

    “නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දිනපතා සිදුකරන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැන සිටිය යුතු බව එවිට ඔවුන් ආරක්‍ෂිත බව ඔවුන්ට දැනෙන බව” ඔහු පැවසිය.

    මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ රටේ නිදහස නිසි ලෙස භුක්ති විදීමට මිනිසුන්ට ඉඩක් නොමැති නම් ඔවුන්ගේ උත්සාහයන් ප්‍රතිඵලදායී නොවන බවයි.

    පසුගිය දා MT New Diamond නෞකාවේ ඇතිවූ ගින්න පිළිබඳව සඳහන් කල ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ ගින්නෙන් නෞකාව විනාශ වුයේ නම් එමගින් දිගු කාලීන බලපෑම් ඇති වන බව පැවසීය.

    “කෙසේ වෙතත් ඒ සඳහා මැදිහත් වූ සියළුම දේශීය හා විදේශීය පාර්ශව කරුවන්ට ගින්න මැඩපැවැත්වීමට හැකි වූ අතර එම නිසා තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකි වුණා” ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya