අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ අලංකරණයට තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ- ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    සැප්තැම්බර් 12, 2020

    මෝටර් රථ අලංකරණයට තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ- ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    “ ත්‍රිරෝද රථ අලංකරණයට යම් කොටස් එකතු කර ගැනිමට ඉල්ලීමක් තිබුණා. ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කරලා ගත්ත තීරණ අනුව ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලැබෙන කොටස් මෙන් ම අවසර නොලැබෙන කොටස් ප්‍රමාණයකුත් තියනවා. අවසර ලැබෙන කොටස් ප්‍රමාණය වැඩි නිසා තහනම් කොටස් පමණක් අපි ඉදිරි සතිය තුළ ගැසට් නිවේදනය කරන්න බලාපොරොත්තු වෙනවා.”

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේ ප්‍රකාශ කළේ, වාහන ලියාපදිංචි ගාස්තු, රියදුරු බලපත්‍ර දෙකක් සහ රුධිර පරික්ෂණය, වාහන අලංකරණය මෙන් ම අලුත් අංක තහඩු ලබා ගැනිම කියන කාරණා පිළිබඳව පසුගියදා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දි ය.

    මෙම තීන්දුවම මෝටර් රථ මෙන් ම ප්‍රසිද්ධ ගමන් මාර්ගවල ධාවනය නොකරන රථ සඳහා ද බලපවත්වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය . නමුත්, තහනම් කොටස් එක් ඛණ්ඩයක රථ සඳහා අවසර දෙන බවත් ඒ ක්‍රිඩා සමාජයක් ලෙස ලියාපදිංචි වු වාහනවලට බවත් එම වාහන ඒ අලංකරණ කොටස් සඳහා විශේෂ අවසරයක් ලබා දෙන බවත් රාජ්‍ය
    අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.ඒ සඳහා විශේෂ කොන්දේසි මාලාවක් තිබෙන බව පැවසු අමාත්‍යවරයා එහි පුර්ණ වගකීම අදාල ක්‍රිඩා සමාජය‍ වෙත පවරමින් අවසරය ලබා දෙන බව ද පැවසිය.

    450-1000 දක්වා එන්ජින් ධාරිතාව ඇති මෝටර් සයිකල් ආනයනය කිරිමට ඉදිරියට අවසර නොදෙන බවත්, ඒ සඳහා කැබිනට් තීරණය ගැනිමට පෙර,
    ආනයනය කර ඇති මෝටර් සයිකල් ලියාපදිංචි කිරිමට කටයුතු කරන බවත් ඒ හරහා නැවත ආනයනය කිරිමට අවසර නොලැබෙන බවත් එම රථ ලියාපදිංචි කරන්නේ රුපියල් ලක්ෂ අටක (රු.800,000/=) අධිභාරයක් යටතේ බවත් අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

    අංග සම්පුර්ණ ලියාපදිංචියකින් තොරව ධාවනය කරන මෝටර් රථ සඳහා නිසි පිළිවෙත් අනුව ලියාපදිංචිය සම්පුර්ණ කර ගැනිමට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සහන කාලයක් ලබා දෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසන ලදි.
    වාහනවල දුම් පරික්ෂාව අවලංගු කිරිම වෙනුවට යෝග්‍යතා පරික්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද ඔහු විසින් පවසන ලදි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya