අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ගංවතුර වලක්වා ගැනීමට රාජ්‍ය අමාත්‍යතුමාගෙන් උපදෙස්

    සැප්තැම්බර් 13, 2020

    කොළඹ දිස්ත්‍රික්කයෙ හා ආසන්න ප්‍රදේශ වල වර්ෂාවත් සමග ඇතිවිය හැකි ගංවතුර හානි අවදානම අවම කර ගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් (12)දින සිය අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

    එහිදී අදහස් දැක් ව ඇමතිවරයා පැවස්යේ, ගංවතුර අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ වෙත සිය අවදානය යොමු කරමින් ඒ ඒ ප්‍රදේශ වෙත සිදුවිය හැකි හානි අවම කිරීමට ගතහැකි කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

     

    විශේෂයෙන් අවධාරණය කලේ කොළඹ මහ නගරසභාව ඇතුළුව අනෙකුත් නගරසභා සහ ප්‍රාදේශීය සභා වල ක්‍රියාකාරී සහභාගීත්වය මෙම කටයුත්ත වෙනුවෙන් ලැබිය යුතු බවයි.

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් එම්.ආර්.ද සොයිසා මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරී මණ්ඩලය,කොළොන්නාව නගර සභාවේ නගරාධිපති,කොටිකාවත්ත මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති,වාරිමාර්ග දෙපාර්තමෙන්තුව,මාර්ග සංවර්ධන අධිකාරිය,ජල සම්පාදන මණ්ඩලය,විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ශ්‍රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන නියෝජනය කරමින් අදාළ බළධාරීන් සහභාගී වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya