අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      New Diamond” නෞකාවේ ජල මට්ටමින් පහළ නැවි බඳ ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ පරීක්‍ෂාවට

    සැප්තැම්බර් 12, 2020

    ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.



    2020 සැප්තැම්බර් 11 වන දින නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් MT New Diamond නෞකාවේ ජලයෙන් යට පිහිටි බඳ ප්‍රදේශය පරීක්‍ෂා කිරීම සඳහා කිමිදුම් මෙහෙයුමක් දියත් කල අතර, එහිදී  නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර් 19.3 ක් පමණ පහලින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර් 16 ක් පමණ පහලින් වූ, නෞකාවතුලට මුහුදු ජලය ලබා ගන්නා  විවරයන් දෙකකට (Sea water inlet) සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතිය හානි වී ඇති බව නිරීක්‍ෂණය කරන ලදි. ඒ අනුව නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් එම හානි සිදු වූ විවර වසා දැමීමට  කටයුතු කරන ලදි. මෙහිදී නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුලට ගන්නා විවරයට (Sea water inlet) සම්බන්ධ හානි වූ අභ්‍යන්තර නල පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍රිත ජලය මුහුදට  කාන්දුවෙමින් පැවතීම හේතුවෙන් කඩිනමින් එම විවරය සම්පූර්ණයෙන් වසා දැමීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරන ලදි.

     

    තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා මෙන්ම  අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් ටග් යාත්‍රා ද මෙම මෙහෙයුමට සම්බන්ධව සිටී. එමෙන්ම, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද  අවශ්‍යතාවය මත යොදා ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගතකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya