මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිත්තාව පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා දායකත්වයෙන් ඉවත් කෙරේ

    සැප්තැම්බර් 12, 2020

    නාවික හමුදාව විසින් බෙන්තර ග‍ඟෙහි අවිත්තාව පාලමේ යට  සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර, ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගිය සතිය තුළ කටයුතු කෙරිණි.

    ගතවූ සතිය තුළ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බෙන්තර ‍ග‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන විශාල උණ පඳුරු, දැව කඳන් සහ අපද්‍රව්‍ය අවිත්තාව පාලම අසල විශාල වශයෙන් සිරවීම හේතුවෙන් ජලය ක්‍රමවත්ව බැසයාම අවහිරවී තිබූ අතර, දකුණු නාවික විධානයේ නාවික කණ්ඩායමක් යොදවා පාලම තුල සිරවීතිබූ එම උණ පඳුරු, දැව කඳන් සහ අපද්‍රව්‍ය මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya