අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අග්‍රාමාත්‍යතුමාගෙන් යෝජනාවක්

    සැප්තැම්බර් 11, 2020

    පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 11 දින පැවසීය. 

     

    බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ.

    දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය. ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.


    කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යතුමා විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.


    මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya