අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය වැඩ කරන ජනතාවට මහත් පාඩුවක් - සභානායක මැතිසබේ දී කියයි

    සැප්තැම්බර් 11, 2020

    හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය වැඩ කරන ජනතාවට මහත් පාඩුවක් බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සභානායකවරයා මේ බව සඳහන් කළේ, අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිබඳව වූ ශෝක යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

    තොණ්ඩමන් මහතාගේ අභාවය වැඩ කරන ජනතාවට මහත් පාඩුවක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා  සඳහන් කළේය.

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා අද(11) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි

    ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.මෙහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කරමින්  අඳහස් දැක්වීය.

     

    වතු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විවිධ රජයන් සමග එක්ව කටයුතු කළා-
    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

     

    දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමීපව කටයුතු කළ සැබෑ ජනතා නායකයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.


    පුරවැසි භාවය අහිමි වූ වතු කම්කරු ජනතාවට පුරවැසි භාවය ලබා දීමට හැකි වූ බවත් ඔවුන්ගේ ගැටළු සඳහා සෑම විටම ප්‍රගතශීලී විසඳුම් ලබා දීමට කටයුතු කළ බවත් පැවසූ විපක්ෂ  නායකවරයා තොණ්ඩමන් මහතාගේ වියෝව එතුමා නියෝජනය කල පවුලට මෙන්ම සමස්ත රටටම පාඩුවක් බව සඳහන් කළේය.

    තොණ්ඩමන් මහතා මේ රටේ දුක්ඛිතම සහ පීඩිතම ජන කොටසක් වන වතු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විවිධ රජයන් සමග එක්ව කටයුතු කළ බවත් තම ජන කොටස  පමණක් නොව සිංහල දෙමළ සෑම ජන කොටසකගේම සේවයට කැප වූ බවත් සඳහන් කළේය.

    දිවංගත තොණ්ඩමන් මහතා ත්‍රස්වාදයට එරෙහිව පැහැදිළි ස්ථාවරයකින් සිටි බවත් වැඩ කරන කම්කරු ජනතාවට මෙන්ම වැඩිහිටි ජනතාවගේ සුභ සාධන කටයුතු, තරුණ තරුණියන් නගා  සිටුවීමේ කටයුතු ආරම්භ කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

     

     


    වතු කම්කරුවන්ගේ ගැටළු ප්‍රජාත්‍රන්තවාදී ලෙස ජයග්‍රහණය කිරීමට දිවංගත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාට හැකි වුණා-

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා-


    වතු කම්කරුවන්ගේ ගැටළු ප්‍රජාත්‍රන්තවාදී ලෙස ජයග්‍රහණය කිරීමට දිවංගත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාට හැකි වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීලක්ෂ්මන් කිරිඇල්ල මහතා  සඳහන් කළේය.

    පසුගිය රජය සමයේදී වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් සෑම විටම තමන් සමග සාකච්ඡා කළ බවත් සෑම වතු කම්කරු පවුලකටම පර්චස් 07ක ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කල
    බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

     


    එල් .ටී.ටී ත්‍රස්තවාදයට කිසි විටකත් වතුකරයේ ජනතාව ඇතුල් වීමට ඉඩ නොදී ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතාවයට ගරු කළ කළා
    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා-

    දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතා සමග 1994 සිටම සහෝදරයෙක් ලෙස තමා කටයුතු කළ බවත් ඉන්දීය සම්භවයක් තිබුණද රට දෙකට කැඩීමට එතුමා කිසිවිටකත් ඉල්ලා සිටියේ නැතැයි
    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

    බලයට පත් සෑම රජයකින්ම ඉල්ලා සිටියේ තමා නියෝජනය කළ වතු කම්කරු ජනතාවගේ ප්‍රගමනය සඳහා කටයුතු කිරීම පමණක් බවත් තම ජනතාවට අවශ්‍ය පහසුකම් මිස වෙනම රාජ්‍ය යක්  කිසි විටකත් ඉල්ලා සිටියේ නැති බවත් අමාත්‍යවරයා කීය

    එල් .ටී.ටී ත්‍රස්තවාදයට කිසි විටකත් වතුකරයේ ජනතාව ඇතුළ් වීමට ඉඩ නොදී ජාතික සමගිය සහ ජාතික ඒකාබද්ධතාවයට ගරු කළ තමාගේ නායකයාට ලෙංගුතු දේශපාලක්ඥයෙක් බවත්  ඔහුගේ චරිතය අද දේශපානයට පිවිසෙන නවක මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් බවත් පෙන්වා දුන්නේය

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya