අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති නියමයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති සංරක්ෂණය සහ ඉදිකිරීම් කඩිනම් කෙරේ

    සැප්තැම්බර් 11, 2020

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ විෂය භාර අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යාත්මක හා සංචාරක මාර්ගෝපදේශ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට සැළසුම් කොට ඇති පසුගිය දා අනුරාධපුර අභයගිරි ව්‍යාපෘතියේ දී පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති පිලිබඳ ප්‍රගති සමාලෝචන හා ඉදිරි ආයතනික සැළසුම් පිලිබඳ ව වූ විශේෂ සාකච්ඡාවේ දී සිදු විය.

    එමෙන්ම, ඒ පිලිබඳ මූලික නිරීක්ෂණ කටයුතු ද සිදු කෙරිණි.


    මධ්‍යම සංස්කෘතික අරමුදලින් ක්‍රියාත්මක සංවර්ධන කාර්යයන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව නිත්‍යානුකුල ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීමටත්, අනාගත ඉලක්ක, කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් සැළසුම් කොට ක්‍රියාවේ යෙදවීම මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් හා අධ්‍යාපනික/මාර්ගෝපදේශ කටයුතු විධිමත් කොට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකුල ලෙස ක්‍රියාත්මක කිරීමටත් මෙහි දී සාකච්ඡාවට ලක් විය.

    මෙම සාකච්ඡාවට රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සහභාගිත්වයෙන් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරක් මහාචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතීන් හි සේවයේ නියුතු කළමනාකරුවන් සහ කාර්යය මණ්ඩලය ද මේ සඳහා සහභාගී වූහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya