අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය කරයි

    සැප්තැම්බර් 11, 2020

    වීසා වලංගු කාල සීමාව තුළ දී කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකුට, පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමෙන් තොරව ගුවන් තොටුපළවල විගමන ස්ථාන හරහා එරටින් පිටවීමට අවසර දීම සඳහා සවුදි අරාබි රජය ඉදිරිපත් වී සිටී.

    මෙය කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරකි.

    සවුදි අරාබි රජය විසින් ගන්නා ලද මෙම තීරණය මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සැලකිය යුතු සහනයක් ලැබේ. මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සවුදි බලධාරීන් සමඟ පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී සබඳතාවන් අවධාරණය කරයි.

    කොවිඩ්-19 ගෝලීය වසංගත සමය තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව සවුදි අරාබි රජයට අපගේ කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකා රජය මෙම අවස්ථාව යොදා ගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya