මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      “ඉදිරි දශකය තුළ නව ඛනිජ සම්පත් සොයාගනිමින්, ඒවාට අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අදාළ සියලු රාජ්‍ය අංශ එක්ව කටයුතු කළ යුතුයි” - කර්මාන්ත අමාත්‍ය

    සැප්තැම්බර් 11, 2020

    ඉදිරි දශකය තුළ නව භූගත ඛනිජ සම්පත් සොයාගනිමින් ඒවාට අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව හා ලංකා පිඟන් සංස්ථාව එක්ව කටයුතු කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


    කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයේ සුවිශේෂ ප්‍රමුඛතාවක් ලෙස පෙන්වා දි ඇති භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යන මූලික අරමුණ අනුව ඒ සදහා අවශ්‍ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් පසුගිය දා සිය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ජාවක දී කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.


    මේ සදහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවශ්‍ය සේවය පිළිබද මෙහිදී අමාත්‍යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදි. නව භූගත ඛනිජ සම්පත් පිළිබද ගවේෂණ ප්‍රතිඵල, සිතියම් මෙන්ම දත්ත සහ තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා පිඟන් සංස්ථාව ඇතුළු ආයතන සමඟ හුවමාරු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස අමාත්‍යවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ ඉලක්කය ඉටු කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට සිය ආයතනය සූදානම් බව ය.


    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල, ලංකා පොස්පේට් සමාගමේ සභාපති අනිල් රණසිංහ, ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ, ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඞ් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya