අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස් කන්දකට යට වීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට නව නිවසක් ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

    සැප්තැම්බර් 11, 2020

    කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්‍යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට කඩුවෙල ආසනය තුළ ඉඩමක් ලබා දී නව නිවසක් ඉදිකර දීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත් වී තිබේ.

    තමන් විසූ කුලී නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් ගීතිකා ශ්‍යාමලී තරුණිය අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබිණි. ඉදිකිරීම් සමාගමක් මඟින් සංවර්ධනය කරමින් තිබූ ඉඩමක තාප්පයක් ද සමඟ පස් කන්දක් ඉහත නිවසට කඩා වැටී තිබුණු අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා එම සමාගමේ ප්‍රධානීන් සමඟ සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉහත පවුලට කඩුවෙල ආසනයෙන් ඉඩමක් ලබා දී මාස 06ක් තුළ නව නිවසක් ඉදිකර දීමට ඔවුන් එකඟ වී තිබේ.

    නව නිවස ලබා දීමට අමතරව ආදාහන කටයුතු, දානමය කටයුතු සඳහා ද දායකත්වය ලබා දීමටත් නව නිවස ඉදිකර දෙන තෙක් කුලී පදනම මත එම පවුලට නිවසක් ලබා දීමට ද පොරොන්දු පත්‍රයක් මඟින් ඉහත සමාගම එකඟ වී තිබේ. එම පොරොන්දු පත්‍රය ඊයේ (09) රාත්‍රියේ කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් මියගිය තරුණියගේ මව වෙත භාර දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya