මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 12ක් සමඟ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

    සැප්තැම්බර් 11, 2020

    ගෙවී ගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙහිදී, පූනරීන් පල්ලිකුඩා වෙරළ නීරීක්‍ෂණ මුර කුටියට ආසන්න වෙරළ තීරයේත්, මුලතිව් චෙන්මලෙයි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේත්, මඩකළපුව කොටුවමඩ ප්‍රදේශයේත්, මන්නාරම අරිප්පු මුහුදු තීරයේත් සිදු කල මෙම මෙහෙයුම් මගින් තහනම් දැල් භාවිතාකර ධීවර කර්මාන්තයේ නියැලීම සහ විදුලි ආලෝක ධාරාවන් භාවිතා කර ධීවර කර්මාන්තයේ යෙදීම යන හේතූන් මත පුද්ගලයින් 12 ක්, ධීවර යාත්‍රා 07ක් සහ තහනම් ධීවර දැල් ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් පූනරීන්, මදුරන්කුලිය, මුලතිව් සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 19ත් 58ත් අතර වයසේ පසුවන්නන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක වරුන් වෙතත් පුනරීන් සහ මන්නාරම ධීවර පරීක්‍ෂක වරුන් වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya