අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ජනතාව ජනපතිගේ හා අගමැතිගේ වැඩපිළිවෙළ අගය කළා - ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

    අගෝස්තු 12, 2020

    නැගෙනහිර පළාතේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල අගය කරන බව මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව පෙන්නුම් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

     2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එවකට පැවැති යහපාලන ආණ්ඩුවට නැගෙනහිර පළාතේ දමිළ දේශපාලන පක්ෂවලට එම ජනතාව සහයෝගය දැක්වුවද එම පළාතට කිසිදු ප්‍රයෝජනයක් වී නොමැති බවද ඔවුන් පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පුකර ඇති බවද ආණ්ඩුකාරවරිය කිවාය.

     

    පසුගිය මහ මැතිවරණයේදි ජයග්‍රහණය කළ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විම සදහා දෙමළ දේශපාලන පක්ෂවලින් නියෝජිතයන් වැඩි පිරිසක් එක්ව සිටියහ. යහපාලන ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා එම දේශපාලන පක්ෂවල ජනතාව මෙවර පොහොට්ටුවට සහාය දැක්වූ බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

    “නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර සෘජුවම පොහොට්ටුවට සහාය දැක්වුවා. ඇත්තටම ඔවුන්ට දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කරපු වැඩ පිළිබද කලකිරිලා. එම සහාය දැක්වීම නිසාම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2015 මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පොහොට්ටුවට වැඩි ඡන්ද 30218ක් තියෙනවා. දෙමළ ජාතික සන්ධානයට ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 12324ක් අඩුවෙලා.

     

    ඒ විතරක් නොවේ අම්පාර දිස්ත්‍රික්කයේ ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 36678ක් පොහොට්ටුවට එකතු වෙලා.දෙමළ ජාතික පසන්ධනට ඡන්ද 20166ක් අඩුවෙලා.මඩකලපුවෙන් පොහොට්ටුවට මෙවර 1192ක් වැඩිවෙලා.ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට ඡන්ද 47785ක් ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව අඩුවෙලා. අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරගෙන ටී.එන්.ඒ. මන්ත්‍රීවරු කොළඹට වෙලා සුර සැප වින්දා. පළාතේ ජනතාව ගැන ඔවුන් කිසිම තැකීමක් කළේ නැහැ. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල දෙමළ ඡන්ද පොහොට්ටුවට එක්වීමෙන් මේ වෙනස පැහැදිලිව පේනවා. අපේ ආණ්ඩුවට දෙමළ ජනතාව විරුද්ධ බව ටි.එන්.ඒ. එකේ මන්ත්‍රීවරු ජත්‍යන්තරයට පවා මතයක් අරගෙන ගියා. අද අපේ පක්ෂයට දෙමළ ජනතාවගේ සහාය ලැබීම තුළින් ඒ මතය පුස්සක් බව ඉතා පැහැදිලිව පේනවා. ජත්‍යන්තරය රවට්ටපු ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ට අද දමිළ ජනතාව පාඩමක් උගන්නපු එක ඉතා සතුටුයි.”

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya