අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් ආශ්‍රිතව සිදුකළා- ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ

    අගෝස්තු 12, 2020

    පාසල් විවෘත කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් ආශ්‍රිතව සිදුකළා.. මෙම මස අවසානයෙත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරනවා.. වෛද්‍ය අරුණ ජයසේකර
    - අධ්‍යක්ෂ ජාතික ඩෙංගු මර්දන ඒකකය

    කොරෝනා ව්‍යාප්තියෙන් පසු නැවත පාසල් විවෘත කිරීමට පෙර දිවයිනේ සෑම පාසලකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සහභාගී කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කළ බවත්, මෙම මස අවසානයේදී ද ප්‍රදේශ කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේය.


    අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කරන ලද්දේ වත්මන් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධව රජයේ නිල පුවත් වෙබ් අඩවියට කරුණු දක්වමිනි. වෙන වසර වලට සාපේක්ෂව මෙම දින වල ඩෙංගු ව්‍යාප්තියෙහි අඩුවක්
    දක්නට ඇති බවත්, නමුත් බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ඩෙංගු අවදානම් කළාප හදුනාගනිමින් ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සහභාගීත්වයෙන් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරන බවත් නිවාස, කාර්යාල සහ කර්මාන්තශාලා ආශ්‍රිතව මෙලෙස ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවත් වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya