මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් - ඇමැති දිවුරුම් දීම අදයි

    අගෝස්තු 12, 2020

    නව රජයේ අමාත්‍යාංශ 28ක්  සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක්  සඳහා වූ අමාත්‍යවරු දිවුරුම් දීම අද (12) ඓතිහාසික මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයේ පිහිටි මගුල් මඬුවේ දී සිදු කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙයි.

    මෙම අමාත්‍යාංශවලට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය (10)දින සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.
    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත. සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya