අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පාර්ලිමේන්තුවට,කාන්තා,කලා,මාධ්‍යවේදී නියෝජනයක්

    අගෝස්තු 09, 2020

    පැවැති මහමැතිවරණයෙන් මෙවර නව වැනි පාර්ලිමේන්තුවට කාන්තා ,කලාකරු, සහ ජනමාධ්‍යවේදි නියෝජනයක් ලබා තිබේ.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පවිත්‍ර වන්නි ආරච්චි,මුදිතා ප්‍රශාන්ති සොයිසා,තලතා අතුකෝරාළ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ගාල්ල  දිස්ත්‍රික්කයෙන් ගීතා කුමාරසිංහ,කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රාජිකා වික්‍රමසිංහ, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝහිණී කුමාරි කවිරත්න යන මහත්මීන් ඇතුළුව ජාතික ලැයිතු මන්ත්‍රීවරියක ලෙස වෛද්‍ය  සිතා අරඹේපොළ මහත්මිය තේරී පත්වූවාය

    එමෙන් ම මෙම අය අතර ගීතා කුමාරසිංහ මහත්මිය කලා ක්ෂේත්‍රයද නියෝජනය කළ කලාකාරිනියකි. මෙවර මැතිවරණයෙන් ප්‍රථමවරට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න කලාව නියෝජනය කරයි. මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් එක් විශේෂත්වයක් වන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න කළුතර දිස්ත්‍රික්කයෙන් ජය ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya