අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සාතිශය බහුතර දේශප්‍රේමි ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ලබාදුන්නා

    අගෝස්තු 07, 2020

    මේ රටේ සාතිශය බහුතර දේශප්‍රේමි ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මහමැතිවරණයෙන් ලබාගත් අතිවිශිෂ්ඨ ජයග්‍රහනයෙන් පසු අග්‍රාමාත්‍යවරයා,සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව කියා සිටියි.

    එහි මෙසේද සඳහන් කර තිබේ.

    ''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් විශිෂ්ට විජයග්‍රහණයක් අභියස සිටින බව 2020 මහා මැතිවරණයේ මේ වන විට නිකුත් වී ඇති නිල ඡන්ද ප්‍රතිඵලවලින් තහවුරු වෙයි. මේ රටේ සාතිශය බහුතර

    දේශප්‍රේමි ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ලබා දී තිබේ. හෙට දින බලාපොරොත්තුවේ උදා අරුණලු අපේ මාතෘභූමිය මත පතිත වනු ඇත්තේ එම විජයග්‍රහණයේ ප්‍රභාතය ද සමග බව සක්සුදක් සේ පැහැදිලිය.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya