අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යයේ මෙහෙයුම් තලයේ ප්‍රධාන කාර්යයභාරය ඉටු කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි

    අගෝස්තු 06, 2020

    ජනමාධ්‍යයේ මෙහෙයුම් තලයේ ප්‍රධාන කාර්යයභාරය ඉටු කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් - ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා.

    ලංකාවේ ජනමාධ්‍ය මෙහෙයවන්නේ, පෝෂණය වෙන්නේ සහ ජනමාධ්‍යයට අතහිත දීම සිදුවන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් බවද, ජනමාධ්‍යයේ මෙහෙයුම් තලයේ ප්‍රධාන කාර්යයභාරය ඉටු කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් බවද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසුවේය.

    ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විශේෂ මෙහෙයුම් මැදිරිය තුළ පැවැත්වෙන මැතිවරණ ප්‍රතිඵල සජීවී විකාශය හා සම්බන්ධ වෙමිනි.

    අද ජනතාව සමාජ මාධ්‍ය සමග විශාල වශයෙන් බැදෙමින් සමාජ මාධ්‍ය විශ්වාස කිරීමටත්, ඉක්මණින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබාගැනීමටද පෙළඹී සිටින බව පැවසූ අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ මෙම තත්ත්වය මත අද රාජ්‍ය මාධ්‍යයටද ප්‍රමාද විය නොහැකි බවයි. අද මිනිසුන් ප්‍රවෘත්ති පිපාසාවෙන් සිටින බවත්, ඒ හේතුවෙන් අද ප්‍රවෘත්ති ඉදිරිපත් කරන යූ ටියුබ් නාලිකා රැසක් ඇති අතර රාජ්‍ය මාධ්‍ය හරහා ද විශ්වාසනීයත්වයෙන් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ හරිහරියට මෙලෙස පුවත් ඉදිරිපත් කිරීමේ මෙම ප්‍රගතශීලී ක්‍රමවේදය මෙහිදී අගය කිරීමටද ලේකම්වරයා අමතක නොකළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya