අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද

    අගෝස්තු 06, 2020

    මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (06) පෙරවරු 07.00 ට  ආරම්භ කෙරේ.


    මෙහි දී ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරෙන අතර එහි ප්‍රතිඵල සවස 04.00 ට පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
    සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අද (06) මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කීය. මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් කිරීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේ දී සිදු කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

    මේ අතර මැතිවරණයේ මනාප ගණන් කිරීම අගෝස්තු 07 දා පෙරවරු 08.00 ට ආරම්භ කෙරෙන අතර එදින මධ්‍යම රාත්‍රිය වන විට එහි සම්පුර්ණ ප්‍රතිඵල නිකුත් කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.

    සම්පුර්ණ මැතිවරණ ප්‍රතිඵල අගෝස්තු 08 දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරෙන අතර දේශපාලන පක්ෂ විසින් අගෝස්තු 08 දා ජාතික ලැයිස්තු මඟින් නව ලැයිස්තුව කොමිෂන් සභාව වෙත එවූ පසු අගෝස්තු 10 දා සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාව සහිත ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya