අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ තිස් තුන්දහස හාරසිය හැට හතක්- 2,800 කට වැඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්

    අගෝස්තු 05, 2020

    මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා මෙන්ම ඡන්ද ය ගණන් කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ තිස් තුන්දහස හාරසිය හැට හතක් (233,467) ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය news.lk වෙත අදහස් පළ කරමින් මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියකු මේ බව පැවසීය.

    මෙවර මැතිවරණ රාජකාරි සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ගියවර සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගෙන ඇති අත . පුහුණුවේදී කොවිඩ් 19 තත්වය යටතේ රාජකාරි කරන්නේ කෙසේද යන්නද ඇතුළත්ය. මෙම රජයේ නිලධාරීන් ජ්‍යේෂ්ඨ ඡන්දපොළ ස්ථානාධිපති, කණිෂ්ඨ ඡන්දපොළ ස්ථානාධීපති හා අනෙකුත් රාජකාරි සඳහා යොදවා ඇත.  ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් හැට නවදහසකට(69,000) අධික ප්‍රමාණයක් යොදවා ඇත. එමෙන්ම ඡන්දපොළ සනීපාරක්ෂණ කටයුතු සඳහා සෞඛ්‍ය අංශයේ නිලධාරීන් අට දහසක්(8000)  පමණ නිලධාරීන්ද යොදවා ඇත.

    මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා 2,800 කට වැඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන් යෙදවීමට කටයුතු කෙරේ - මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්

    මෙවර මහා මැතිවරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව, සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව සිදු කරන්නේ ද යන්න අධික්ෂණය සදහා 2800 කට වැඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පිරිසක් රාජකාරි සඳහා යෙදවෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා කියා සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී ය.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පිහිටා ඇති 342 ක පමණ වූ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස මට්ටමින් මෙසේ නිළධාරීන් යෙදවීමට අපේක්ෂිත වන අතර එකී කොට්ඨාස වලට අනියුක්තව සිටින ක්ෂේත්‍ර නිළධාරීන් 2,800 ක පමණ පිරිසක් මෙසේ මැතිවරණ නිරීක්ෂණ හා අධීක්ෂණ කටයුතු සඳහා යෙදවේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඡන්ද කොට්ඨාස වල නිරීක්ෂණ කටයුතු සඳහාත්, තවත් නිළධාරීන් පිරිසක් ඡන්ද පොළවල් වල නිරීක්ෂණ කටයුතු සඳහාත් එදිනට යෙදවෙන බව මහින්ද බාලසුරිය මහතා කියා සිටියේය.

    එමෙන්ම, මහා නගර සභා සහ නගර සභාවලට අනියුක්තව සිටින ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද මෙවර සෞඛ්‍ය නිර්දේශ වලට අනුව මැතිවරණ කටයුතු සිදු කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා අධීක්ෂණ නිරීක්ෂණ කටයුතු වලට යෙදවෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් ද මැතිවරණ කටයුතු සඳහා මෙවර යෙදවීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya