අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යාරක්ෂිතම ස්ථානය ඡන්දපොළ බැවින් සියලුදෙනාම ඡන්දය භාවිතා කරන්න - පැෆරල් සංවිධානය.

    අගෝස්තු 05, 2020

     සෞඛ්‍යාරක්ෂිතම ස්ථානය ඡන්දපොළ බැවින් සියලුදෙනාම ඡන්දය භාවිතා කරන ලෙස පැෆරල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම ඉල්ලීම සිදුකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, අගෝස්තු 05 වෙනිදාට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා 5000 ට ආසන්න පිරිසක් යෙදවීමට සියලු කටයුතු සූදානම්ව ඇති බවයි. ඡන්ද දින ඡන්ද මධ්‍යස්ථානය ඇතුලත නිරීක්ෂකයින් 3140ක් යෙදවීම සදහා අවශ්‍ය පුහුණුකිරීම් අවසන් කර එම පිරිස මේ වන විට සූදානම්ව ඇති බවද, ජංගම නිරීක්ෂණ රථ 260ක් දිස්ත්‍රික්ක මට්ටමෙන් සැලසුම් කර ඇති බවද පැවසුවේය.

    නිරීක්ෂකයින් 1096ක් මෙම ජංගම නිරීක්ෂණ රථ තුළ නිරීක්ෂණ කටයුතු වල යෙදීමට සූදානම්ව සිටින අතර, පැය 24 පුරාම ක්‍රියාත්මක පැමිණිලි ඒකකයක්, ක්ෂණික ඇමතුම් සදහා දුරකතන අංක 02ක් මෙම දින කිහිපය සදහා හදුන්වාදී ඇත. 0702274501 සහ 0702264502 යන මෙම දුරකතන අංක දෙක පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ඒ ඔස්සේ පැය 24 තුළම ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව සෑම පළාතකටම එක දුරකතන අංකය බැගින් වෙන්කර ඇති බවද රෝහණ මහතා පැවසුවේය. මෙම ඕනෑම අංකයක් වෙත පැමිණිලි සිය සංවිධානයට යොමු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
    සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුවූ බවට සිද්ධීන් 944ක් සම්බන්ධව නිශ්චිත තොරතුරු ලැබී ඇති බවද, මෙම සිද්ධි 944 සිය සංවිධානය විසින් මැතිවරණ කොමිසන් සභාවට යොමු කළ අතර, ඉන් 140කට අදාල ක්‍රියාමාර්ග ගත් බවට පැෆරල් සංවිධානයට වාර්තා වුණු බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියාසිටින්නේ අගෝස්තු 05 වෙනිදාට ආරක්ෂිතම ස්ථානය ඔබගේ ඡන්ද පොළ බවයි. ඇතුල්වන විට මෙන්ම පිට වන විට ඔබේ ආරක්ෂාව පිළිබද සොයා බලන එකම ස්ථානය ද ඔබේ ඡන්ද පොළ බවයි. එම නිසා කිසිදු බයක් ඇති කර නොගන්නා ලෙසත්, හැකි සෑම කෙනෙකුම තමන්ගේ ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන මෙන් ඔහු අවදාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya