අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක්- කතිරය සලකුණු කිරීමට පෑනක් රැගෙන එන්න

    අගෝස්තු 05, 2020

    පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු එම අවස්ථාව සඳහා පමණක් සහකාර මැතිවරණ නිලධාරියෙකු ලෙස එහි සේවයේ යෙදවීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    දිවයිනේ සියලුම ජන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරිමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා සඳහන් කළේය.

    යම් ජන්ද මධ්‍යස්ථානයක ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ සාමය කඩ විමේ සිදුවීමක් සිදුවුවහොත් එහි ජන්දය අවලංගු කොට යළි ජන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුබට නොවන බවද  මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
    තවද ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමේ දී නිල් හෝ කළු වර්ණයෙන් කතිරය සළකුණු කළ හැකි බෝල් තුඩැති පෑනක් ගෙන එන ලෙස ද ඡන්ද දායකයින්ගෙන්  ඉල්ලීමක් කළේ ය.එසේ නොහැකි වුවත් ඡන්ද මධ්‍යස්ථානයේ දී විෂබීජහරණය කළ පෑනක් ලබාදීමට කටයුතු කරන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථානය කොවිඩ්වලින් තොර සම්පූර්ණ ආරක්ශිත ස්ථානයක් බවයි.එබැවින් කිසිදු බියවීමකින් තොරව ඡන්ද ප්‍රකාශ කිරීමට  පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya