අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ පළමුවරට- මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය අංශයෙන් 8000ක්

    අගෝස්තු 05, 2020

    අද (05) ආරම්භ වූ මහමැතිවරණ ඡන්ද විමසීමට අදාළ සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් නිලධාරින් 8000ක් යොදවා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය

    ඉතිහාසයේ පළමුවරට මැතිවරණයක් වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා,මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබාදෙන බව කීය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත්ව තිබෙන බවද කී අනිල් ජාසිංහ මහතා,කොවිඩ් 19 ප්‍රධාන අභියෝගයක් බවත් මැතිවරණයේ දී අතිවිශාල ජනතාවක් එළියට පැමිණෙන බවත් මේ මැතිවරණයේ දී කොවිඩ් 19 පැතිරීම වැළක්වීම ප්‍රධාන අරමුණක් බව පැවසීය.

    මෙ වනවිට කොවිඩ් 19 සමාජ සම්ප්‍රේෂණයක් නොමැති බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ, මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya