අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණය අදයි-ඡන්දය පෙ.ව 7.00ට ඇරඹේ- ඡන්ද දායකයින් 1,62,63,885ක්

    අගෝස්තු 05, 2020

    විස්සයි විස්ස මහ මැතිවරණයේ මැතිවරණ කටයුතු අද (05) දින උදෑසන 07න් ආරම්භ වන අතර ඡන්දය සළකුණු කිරීම අද දින උදෑසන 07 සිට සවස 05 දක්වා සිදු කිරීමට අවස්ථාව සළසා ඇත.

    මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද දායකයින් 1,62,63,885ක් සුදුසුකම් ලබා සිටියි.මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 7452ක් තරඟ කරයි.ඡන්දය මධ්‍යස්ථාන 12985ක් තුළ ක්‍රියාත්මක
    වෙයි.

    මෙවර මහමැතිවරණයේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එය 17,85964කි.අඩුම ඡන්ද දායකයින් සිටින දිස්ත්‍රික්කය වන්නේ වන්නි දිස්ත්‍රික්කයයි.එම  සංඛ්‍යාව 287024කි.
    එමෙන්ම මෙම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අගෝස්තු 06 සහ 07 යන දෙදින තුළ සිදු කිරීමට නියමිතය.

    මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් හත් දහස් හාරසිය පනස් දෙදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර ලියාපදිංචි පක්ෂ 22ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් ඉදිරිපත් වී ඇත. මෙවර මහ මැතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශාල වෙනසක් කරමින් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිලධාරීන්ද මැතිවරණය සඳහා සහභාගි කරවා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය සේවා අංශවල නිලධාරීන් 8000ක් පමණ මැතිවරණය සඳහා කැඳවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එමෙන්ම මෙවර මහ මැතිවරණය සඳහා රජ්‍ය සේවකයන් දෙලක්ෂ තිස් තුන් දහස් හාරසිය හැට හතකට අධික සංඛ්‍යාවක්( 233,467) මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇත.

    මීට අමතරව පොලිස් නිලධාරීන් හැට නව දහසක් (69,000) ප්‍රමාණයක් ද ඔවුන්ට ආධාර වශයෙන් යුදහමුදා නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් ද සහභාගි වීමට නියමිතය. මෙම මැතිවරණය 2015 පැවති මැතිවරණයට වඩා සාමකාමී බවත්,මැතිවරණ නීති කඩ කිරීම් අවම මට්ටමක තිබූ බවත්, මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

    ඡන්දය ලබා දීමේදී සවස 04 සිට 05 දක්වා කාලය ඡන්දය සළකුණු කිරීම සඳහා වෙන්කර ඇත්තේ නිවසේ සිට ස්වයං නිරෝධායන වන පිරිස් සඳහාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya