සැප්තැම්බර් 23, 2020
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹෙයි

    අගෝස්තු 04, 2020

    හෙට (05) පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද උදෑසන සිට දිවයින පුරා ආරම්භ විය.

    දිවයිනෙහි දිස්ත්‍රික්ක 22ක ඡන්ද මධ්‍යස්ථාන 12985ක් පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විටද සිදුවෙමින් පවතී.
    අද දින (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසුවේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක පවතින බවයි. එමෙන්ම මැතිවරණයට අදාල ඡන්ද පෙට්ටි බෙදාහැරීම නිසි ආරක්ෂක ක්‍රමවේද යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිදුවන බවද, ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද මැතිවරණ කොමසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya