අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික්කය “සිව්මහ වාණිජ නගර” අතරට- ජනපති කියයි

    අගෝස්තු 03, 2020

    අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටි.

    කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    තිස්සමහාරාමය, බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිතුමාගේ හම්බන්තොට චාරිකාව ආරම්භ කෙරිණ. හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහත් හරසර පුද කළ ජනතාව ප්‍රදේශයේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කළහ. පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව  ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහා සංඝරත්නය ආශිර්වාද පළ කළහ.

    හම්බන්තොට මහනාගපුර සහ ලුණුගම්වෙහෙර මහාවිද්‍යාලවල අඩුපාඩු කෙරෙහි ද
    ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. ගම්මාන කිහිපයකට බස් රථයක්
    ලබාගැනීම, ගබඩාවෙන්ම පොහොර මිලදී ගැනීම යන ඉල්ලීම් ජනතාව
    ජනාධිපතිතුමා වෙත යොමු කළහ.

    පස් හැවිරිදි පී.ජී. පසගි දැරිවිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්‍යාග කළාය.


    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දෙන ලෙස සූරියවැව නගරයේ පොදු වෙළෙඳපොළ අසළ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. රිදීගම මහා විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    හම්බන්තොට වෙරළ උද්‍යානයේ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    හුංගම බස් නැවතුම්පොළ අසළ, , රන්න සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සහ වීරකැටිය පොළභූමියේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya