අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අභිනව නාවික හමුදාධිපති හමුවෙයි

    අගෝස්තු 01, 2020

    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ජූලි 31 වන සිකුරාදා දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු විය.

    ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වෙත සිය සුභාශිංසන පිරිනමන  ලදි.

    මෙම හමුවේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ නාවික හමුදාධිපති විසින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදි.

    තවද, 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන්, රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නාවික හමුදාධිපතිගේ සහ ඕස්ට්‍රේලියානු රජයේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම්, ඒකාබද්ධ  කාර්ය සාධක බලකා නියෝජිතායතනයේ අණදෙන නිලධාරීගේ සුභපැතුම් පණිවිඩ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් මෙහිදී නාවික හමුදාධිපති වයිස්  අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත පිරිනමන ලදි. කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ද මෙම  අවස්ථාවට සහභාගී විය.

    මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya