අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර

    අගෝස්තු 01, 2020

    ඡන්දය පැත්වෙන මධ්‍යස්ථාන ඡන්දයට පෙරත් පසුවත් විෂබීජ හරණයට ලක්කිරීමට කටයුතු කරන බව මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය පැවසුවාය.


    කොරෝනා වසංගත තත්වය හමුවේ සැක බියෙන් තොරව ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ ඡන්දය දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවැසීය.

    කෝවීඩ් 19 අර්බුදය හමුවේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී පිළීපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (29) දින පැවති නිලධාරින් දැනුම්වත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පලකළාය.
    මෙහිදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ රජය මගින් හදුන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම නිවැරදිව සිදුවෙනවාද යන්න නිරතුරුව අධීක්ෂණය ලක් කිරීමට අධීක්ෂණ නිලධාරින් පත්කොට ඇති බවයි. එසේම ඡන්දය ගණන් කිරිමේ මධ්‍යස්ථානවල අධීක්ෂණ කටයුතු සදහාද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් 20ක් පමණ යෙදවීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරින් පෙන්වා දුන්නේය.
    මාතලේ අතිරේක දිස්ත්‍රික් (පාලන) ලේකම් නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඉෂාන් විජේතිලක, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් පොලිස් අධීකාරි අනුරුද්ද බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya