අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය කල් යන්නේ නැහැ- අනිවාර්යයෙන් ඡන්දය පවත්වනවා- මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    අගෝස්තු 01, 2020

    ඡන්දය කල් යන්නේ නැහැ..අනිවාර්යයෙන් ඡන්දය පවත්වනවා..රාජාංගණයට හදලා තිබුණු ප්ලෑන් එක ලංකාපුරට ක්‍රියාත්මක කරනවා.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වැළදීමත් සමග ඡන්ද විමසීම කල් යනු ඇතැයි විවිධ කටකතා සමාජයේ පැතිරයන බවත්, කෙසේ වෙතත් කිසිදු ආකාරයකින් ඡන්දය කල් නොයන අතර අනිවාර්යයෙන් ඡන්දය පැවැත්වෙන බවත්, මැතිවරණය වෙනුවෙන් රාජාංගණයට සෑදූ ප්ලෑන් එක ලංකාපුරට ක්‍රියාත්මක කරන බවත්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.


    මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ (31) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වැළදීමත් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් හට නිරෝධායනය වීමට සිදුවී ඇති අතර, එම ගොඩනැගිල්ලේ පවතින ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන විට අත්‍යවශ්‍ය කරුණකට හැර එයට පිවිසීමට නොහැකි වන පරිදි තාවකාලිකව වසා ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් ලංකාව පුරා ඡන්දය පවත්වන බවත් සංචරණ සීමා පැවතිය හැකි අතර ඒ සදහා පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් ධර්මසිරි මහතා සහ සහකාර කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය යුධ හමුදාවේ, පොලීසියේ සහ අනෙකුත් අංශ වල සහාය ඇතිව සම්පූර්ණයෙන් අවශ්‍ය කාර්යය සිදුකර ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.


    ඡන්ද පොළ විෂබීජහරණ කටයුතු සදහා යුධහමුදාව සහාය වන අතර, ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඡන්ද පොළ රාජකාරී වලට යොදවාගැනීමට නියමිතව ඇත. ලංකාපුර ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 26ක් පවතින බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.


    නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අයට ඡන්ද විමසීමට අවස්ථාව නොලැබෙන බවද, ස්වයං නිරෝධායනය වන අයගෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදුකර එයින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී දින 14ක කාලයක් නැවත නිරෝධායනය වන පුද්ගලයන් සදහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන්ටද ඡන්ද දීමට පැමිණිය හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒකමතිකව ගනු ලබන තීරණයක් අනුව බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya