අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සිට බෙලිඅත්ත දක්වා දැනට ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට තීරණයක්- ඉදිරිකිරීම් කටයුතු ලබන වසර මුලදී

    අගෝස්තු 01, 2020

    දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,  අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින්  මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මාර්ග තදබදය අඩුකර ගැනිමත් අපේක්ෂා කරන අතර, රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පැයට කි.මි.100 වඩා වේගයෙන්දු ම්රිය ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්  කළේය.

    මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සක්‍යතා අධ්‍යනය හා ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මෙම වසර තුළ අවසන් කෙරේ. ඉදිරිකිරීම් කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන අතර, 2023 දී පළමු දුම්රිය ධාවනයට සැලසුම් කර තිබේ. මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟේ පාළම ඉදිකර තිබූ බැවින් ගැටළුවකින්  තොරව දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකි වූ අතර, හම්බන්තොට දක්වා මෙම මාර්ග ඉදිකිරීමේ දී ගැටළුවක් පැන නොනගින බවත් ඇමතිවරයා සඳහන් කළේය. එමෙන්ම මෙම දුම්රිය මාර්ගය  ඉදිකිරීමේ දී දේශීය ඉංජිනේරුවරුන් හා තාක්ෂණය හැකිතාක් දුරට යොදා ගැනීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya