මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාපුර ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට- මැතිවරණයට බාධාවක් නෑ

    අගෝස්තු 01, 2020

    පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ සියලු ආශ්‍රිතයන් මේ වන විට හදුනා ගනිමින් ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමකදි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසිය.

    එසේම මෙම තත්ත්වය කිසිදු ආකාරයකින් බලපෑමක් නොවන පරිදි නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ සාමාන්‍ය පරිදී මෙම ප්‍රදේශයේ ද මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


    එසේම මෙම කොරෝනා ආසාදිතයා හමු වූයේ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය අහඹු ලෙස PCRපරීක්ෂණයට භාජනය කිරීමේදී හමු විමත් සමගින් අඛණ්ඩව සමාජය තුළ PCR පරීක්ෂණ සිදු කිරිමේ වැදගත්කම ද මින් තහවුරු වන බව ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.


    මෙම අවදානම් තත්ත්වය සමාජයෙන් සම්පුර්ණයෙන්ම පහව ගොස් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මහජනතාව ද මෙම වෛරස තත්ත්වය පාලනය කර ගැනීමට නිරන්තරයෙන් සහයෝගය ලබා දීය යුතු බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya